Friday, November 6, 2020

පරාර්ථකාමී හීනයක් දකිමු !

 " පරාර්ථකාමී හීනයක් දකිමු...."

................................................................................................................................

ඉතින් මම අද මේ topic එක තෝරගත්තේ ගොඩක් අයට හරි ඉලක්කයක් නැති නිසා.ගොඩක් අය කියන දෙයක් තමයි නින්ද යන්න දෙන්නෙ නැතුව අපිව නැගිට්ටවලා තියන හීන දකින්න කියන එක.
ඉතින් මම අද කියන්න යන්නෙ ඒ නිදාගන්න හිතෙන්නෙ නැතුව මහන්සි වෙලා වැඩකරන්න හිතෙන හීනෙ මොන වගේ එකක් වෙන්න ඕනිද කියන එක.මම කතාවක් ආශ්රයෙන් කියලා දෙන්නම් ඒක.
ඔයාල "ලැන්ග්ලි" කියලා scientist කෙනෙක් ගැන අහලා තියනවද?.
විනාඩියක් අරන් ඒ ගැන හිතන්නකෝ.
විනාඩිය ඉවර උනා නේද? .මන් දන්නවා මේ ප්රශ්නෙ 90% දෙනෙක් දන්නෙ නෑ.
දන්නවානම් ඔයා මරු.😍😍😍.
ඔයාලා ඒ උනාට රයිට් සහෝදරයෝ ගැන අහලා තියනවා නේ. අහලා නැත්තම් රයිට් සහෝදරයෝ තමයි ගුවන් යානය හොයාගත්තේ.
ඉතින් අහන්නකො කතාව. මේ ලැන්ග්ලි කියන කෙනායි රයිට් සහෝදරයෝයි හිටියෙ එක කාලෙ. ඉතින් එතකොට ලෝකෙ තිබ්බ ලොකුම ටාර්ගට් එකක් තමයි ගුවන් යානය ✈ හොයාගන්න එක.
ඉතින් ගොඩක් ප්රබල රටවල් ට්රයි කරා මේ වැඩේට. ඔයාලා දන්නවාද ඒ කාලෙ ලෝකෙ හිටපු ප්රසිද්ධ සහ ගොඩක් ධනවත් scientist කෙනෙක් තමයි ලැන්ග්ලි කියන්නේ.පුදුමයි නේද?. දැන් කාලෙ අපි දන්නෙවත් නෑ😱.
ඒ කාලෙ ගුවන් යානය හොයාගන්න කලින් රයිට් සහෝදරයෝ කවුරුවත් දන්නෙ නෑ ප්රසිද්ධ නෑ.
ඉතින් මේ ලැන්ග්ලි try කලේ කොහොම හරි ලෝකෙ ඉස්සරෝම ගුවන් යානය හදන්න. ඒ හීනෙට එයා ගොඩක් මහන්සි උනා. ඒකත් අර මම කිව්වා වගේ අපිව නින්ද යවන්නෙ නැතුව නැගිට්ටවලා තියන හීනයක්.
ඉතින් මේ ලැන්ග්ලි මොකක් හැදුවත් ඒක පත්තර වලට දැම්මා , නිවුස් වලට කිව්වා, ලෝකෙන් ගොඩක් උදව් හම්බුනා. මොකද මෙයා ප්රසිද්ධයි සහ ධනවත්.
ඒ අතරෙම රයිර් සහෝදරයෝ එහෙමත් ගුවන් යානය හදන්න try කරනවා. එයාලටත් වැරදෙනවා. ආයෙ හදනවා. ඒත් මෙයාලාගෙ මුකුත්ම කිසිම පත්තරේක යන්නෙ නෑ. නිවුස් වලට යන්නෙ නෑ. මොකද මෙයාලා ප්රසිද්ධ නෑ. ඒත් මෙයාලටත් හීනයක් තිබ්බා. ඒක තමයි සාර්ථක ගුවන් යානයක් හදලා ලෝකෙට මෙහෙවරක් කරන්න. මේකත් මම කිව්වා වගේ හීනයක්. මේ හීනෙ නිසා මෙයාලා හොදටම වැඩ කරා. මහන්සි උනා.
ඉතින් කාලය ගෙවිලා ගිහින් අන්තිමේදි ලැන්ග්ලිට කලින් රයිට් සහෝදරයෝ දෙන්නා ගුවන් යානය හදලා ඉවර කරා. එතකොට හැම පත්තරේකම යන්න ගත්තා ඒක. හැම චැනල් එකකම ලොකුම නිවුස් එකක් උනා.
ගුවන් යානය රයිට් සහෝදරයෝ දෙන්නා හදලා ඉවර කරහම මොකක්ද දන්නවාද ලැන්ග්ලි කරපු දේ. එයා කරපු වැඩේ අතඇරියා. එහෙම්මම එයාව ලෝකෙටම අමතක වෙලා ගියා.
ඒත් ලැන්ග්ලිට රයිට් සහෝදරයෝ දෙන්නට වගේ හීනයක් තිබ්බනම් පලවෙනි ගුවන් යානය හදලා ඉවරයි කියලා එයා වැඩ නවත්තන්නෙ නෑ. එයා ඊට වඩා හොද එකක් හදනවා.
ඉතින් මම කියන්න හදන දේ ඔයාලට තේරුනා කියලා හිතනවා. අපි හැමවෙලේම " මම doctor කෙනෙක් වෙනවා" වගේ හීන තියාගන්න එක නවත්තමු. අපි "මම ගොඩක් මිනිස්සුන්ගෙ ලෙඩ හොදකරලා පිහිට වෙනවා " වගේ හීන තියාගන්න පුරුදු වෙමු. මොකද දන්නවාද?, කාලයත් එක්ක අපි වෙනස් වෙනවා. සමහර දේවල් කරන්න බැරි වෙන්න පුලුවන්.
උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔයාට දැන් doctor කෙනෙක් වෙන්න ඕනි කියලා. ඒත් ඔයා AL වලට යද්දි ඔයා බිස්නස් වලට ආස වෙන්න් පුලුවන් . එතකොට DOCTOR කෙනෙක් වෙනවා කියන හීනෙ බිදිලා යනවා.
ඒත් ඔයා "මම ගොඩක් අයගෙ ලෙඩ සුව කරලා පිහිට වෙනවා" වගේ හීනයක් දකිනවානම් ලොකු වෙනකොට ඔයා DOCTOR කෙනෙක් උනේ නැතත් DOCTOR කෙනෙක්ට සල්ලි දීලා දුප්පත් අයගෙ ලෙඩ සනීප කරවන්න පුලුවන්.
එහෙමත් නැත්තම් ලොකූ HOSPITAL එකක් දාලා රජයේ රෝහලකට වඩා හොදට මිනිස්සුන්ට සලකන සහ නොමිලේ බෙහෙත් දෙන රෝහලක් හදන්න පුලුවන්.
(මේකෙ ලැන්ග්ලිගෙ කතාව මම මුලින්ම ඇහුවෙ දේමිකයගෙ අයියාගෙන්.ඉතින් ඒ අයියට credit එක යන්න ඕනි)
ඉතින් හීන පරිස්සමෙන් තෝරගන්න. 😍😍😍.
- කණිෂ්ක බෝදරගම-

No comments:

Post a Comment

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...