Wednesday, November 4, 2020

Why Lanka Internet so slow

 ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඇයි මෙච්චර ඉබි ගමනෙ යන්නෙ

==========================================
අසල්වැසි ඉන්දියාව ඇතුලුව ලෝකයේ බොහෝ රටවල් දැනටමත් 5G connection එක භාවිතා කරන්න පටන් අරන් බොහෝ කල්ය. මැලේසියාව ඇතුලු රටවල් මෙය භාවිතා කරන්න පටන් අරන් දැනටමත් අවුරුද්දකටත් වඩා වැඩිය. නමුත් තවමත් අපේ රටේ බලධාරීන්ට 5G connection එකක් ලබාදීමට වගේ වගක් නැත. 4G තිබ්බත් බොහෝ ග්රාමීය ප්රදේශවලට තවමත් අපිට ඉන්ටර්නෙට් එකට යන්න වෙලා තියෙන්නෙ 3G හෝ HSDPA වැනි ඉතාමත් අඩු ස්පීඩ් එකකින් යුත් connection එකකිනි. ඉතින් අපි අද පොඩ්ඩක් හිතුවා ඇයි අපිට තාමත් 5G connection එකකට යන්න බැරි සහ ලංකාවට ඉන්ටර්නෙට් එක එන්නෙ කොහොමද සහ ඒකෙ අයිතිකාරීත්වය තියෙන්නෙ කාටද කියන එක පිළිබඳව ඔබව පොඩ්ඩක් දැනුවත් කරන්න.
ලෝකයේ බොහෝ රටවල් වලට internet එක භාවිතා කිරීම සදහා සාගර පත්ලේ fiber කේබල් විශාල ප්රමාණයක් එලා තිබෙනවා. මේවා මගින් තමයි එක් එක් රටවල් වල තියෙන Internet එකට අයත් DNS සහ අනෙකුත් servers ප්රධාන වශයෙන් එකට සම්බන්ධ වෙලා තියෙන්නෙ. ලංකාව ප්රධාන වශයෙන් අනෙකුත් රටවල් සමග සම්බන්ධ වෙලා තියෙන්නෙ SEA-ME-WE-3 සහ SEA-ME-WE-4 කියන වර්ග වල මුහුද යටින් එලා තිබෙන fiber cable මගින්. මේ ආකර දෙකෙහිම වර්තමාන හිමිකාරිත්වය දරන්නේ ශ්රීලංකා ටෙලිකොම් හෙවත් SLT සමාගමයි. Dialog, Mobitel, Hutch ඇතුලු අනෙකුත් ISP හෙවත් අන්තර්ජාලය සේවා සපයන්නන් මේවා භාවිතා කරනු ලබන්නේ SLT හරහා තව විධියකින් කිව්වොත් එම සමාගමේ පූර්ණ අධීක්ෂණකයක් යටතේ. SEA-ME-WE 3 කියන කේබල් ආකරය මැදපෙරදිග, යුරෝපය සහ අග්නි දිග ආසියාව සමබන්ධ කරමින් මුහුද යටින් දිවෙනවා. මෙහි කළමණාකාරිත්වය දරනු ලබන්නේ සිංගප්පූරුවට අයිති හරියට ලංකාවේ SLT වගේ ආයතනයකුයි. SEA-ME-WE 4 යන කේබල් ආකරයත් ඊට පසුව එම රටවල් සම්බන්ධ කරමින් හදුන්වාදෙන ලද්දකි. එමගින් වේගය අඩුවීමකින් තොරව වැඩි පිරිසක් සදහා Internet එක ලබාදීමට හැකිවී තිබෙනවා. මීට අමතරව Lanka bell සමාගම 1997 වර්ෂයේ සිට ජපානය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව සමබන්ධ කරමින් මුහුද යටින් වැටී තිබෙන FLGA නමැති fiber connection එකක් භාවිතා කරනු ලබනවා. මීට අමතරව මෙය Dialog සහ Etisalat සමාගමත් භාවිතා කරනු ලැබුවා.



හොදයි දැන් ඔබට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. මොන මොන සමාගම් වලටද මේ මුහුද යටින් වැටී තිබෙන fiber optics cable වල හිමිකාරිත්වය සහ ඒක access කරන්න ලැබිල තියෙන්නෙ කියලා. ඒ අනුව අපිට තියෙන අවසාන නිගමනය තමයි සියලුම ප්රධාන fiber cable වල ලංකාව සදහා කළමණාකාරිත්වය සදහා අයිතිය ලබාදී තිබෙන්නේ SLT සමාගමට බව. Dialog, Mobitel, Airtel, Hutch ඇතුලු ලංකාවේ බොහොමයක් අන්තර්ජාල සේවා සපයන්නන් ප්රධාන වශයෙන් Fixed Broadband සහ Mobile Broadband ලෙස ප්රධාන ආකර දෙකක් ඔස්සේ අන්තර්ජාල සේවාවන් ලංකාවට ලබාදෙනු ලබනවා. මෙහිදී ඔබ මතක තබා ගත යුතු විශේෂම කරුණ යනු fixed connection කිව්ව පලියට එය ඔබේ නිවස දක්වාම cable සමබන්ධතාවකින් නොපැමිණෙන බව. ඉස්සර Fixed කිව්වාම හැමෝටම මතක් වෙන්නෙ ගෙදර ස්ථාවර දුරකතන රැහැන ඔස්සේ පැමිණෙන ADSL connection එකනෙ. නමුත් 4G කියන්නෙත් fixed connection එකක් තමයි. එය ඔබේ නිවසට wired විධියට සම්බන්ධ නොවුනත් ආසන්න ISP ට අයත් station එක දක්වා wired ආකරයට පැමිණෙනවා. ඉන්පසු ඔවුනට අයත් ලගම ඇති සන්නිවේදන කුලුණක් ඔස්සේ තමයි ඒක wireless විදිහට ඔයාලට wireless router එකකින් භාවිතා කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. මේ විදිහට Sri Lanka Telecom, Dialog සහ Lanka Bell කියන ආයතන තුනම ලංකාවට මේ ආකරයට අන්තර්ජාල සේවාව සපයනු ලබනවා.
නමුත් Hutch, Airtel, Etisalat කියන අනෙකුත් සමාගම් වලට හැකිවෙලා තියෙන්නෙ Mobile Boradband කියන ක්රමවේදය ඔස්සේ අන්තර්ජාලය සේවාව සපයන්න පමණයි. එනම් මොබයිල් ඩිවයිස් එකක ඇති Sim card පතක් මගින් පමණක් සමබන්ධ වෙමින් අන්තර්ජාල සේවාව සපයාගැනීමට සිදුවෙනවා. නමුත් Mobile සහ Fixed යන ක්රමවේද දෙක ඔස්සේම ලංකාවට අන්තර්ජාල සේවාව සපයනු ලබන්නේ Dialog සහ SLT යන සමාගම් ද්විතවය පමණි. Dialog සමාගම 4G ඔස්සේ fixed connection ද SLT සමාගම 4G වලට අමතරව රට වටේ භූගතව සහ පොලව උඩ කණු වලින් එලා තිබෙන දුරකතන සන්නිවේදන කේබල් ඔස්සේ ADSL, ADSL 2+ VDSL යන ක්රමවේද ඔස්සේ fixed ආකරයට අන්තර්ජාල සේවාව සපයනු ලබනවා. හැමෝටම එකම වේගයකින් යුතුව internet access කිරීම සදහා 512 kbps සිට 16 Mbps දක්වා වේගයකින් යුතුව විවිධ ISP සමාගම් වීසින් ලංකාවේ internet package ඔබට ලබාදෙනු ලබනවා.
හොදයි අපි එහෙනම් අලුත් internet connection එකක් ගන්න ගීයාම අපිට හොදම connection එක මොකද්ද කියල කොහොමද තෝරගන්නෙ. මේක ඇත්තටම පදනම් වෙන්නෙ ඔයාගෙ අවශ්යතාවය මත තමයි. ඔබ සෑමවිටම නිවසෙන් පිට රැදී සිටින කෙනෙකු නොවේ නම් උදාහරණයක් විදිහට ඔබගේ නිවසේම ඔබේ කාර්යාලය හෝ රැකියා ස්ථානය පවත්වාගෙන යනවානම් බොහෝ විට ස්ථාවර දුරකතනයක් දැනටමත් භාවිතා කරනවානම් ඉදිරියට PEO TV හරහා රූපවාහිනී නාලිකා ආදිය බලනවානම් ඒ වගේම ඔබ නිතරම internet එකෙන් හෝ internet එකට HD හෝ Full HD videos ඩවුන්ලොඩ් අප්ලෝඩ් කරනවානම් හෝ live stream ආදිය කරනවා නම් ඔබට බොහෝ විට ගැලපෙන්න SLT මගින් ලබාදෙන ADSL හෝ Fiber connection එකක් තමයි. fiber connection එකෙහි ඇති වාසිය තමයි ඔබේ දුරකතන බිලට කුඩා බදු මුදලක් ගෙවමින් අධිවේගී අන්තර්ජාලය අත්දැකීමක් ලබාගතහැකිවීම. ස්පීඩ් එක ගැන නම් කතාකරල වැඩක් නෑ. දවල්ට බොහෝ තැන් වලට 2Mbps speed එකකුත් රාත්රී 12 න් පස්සෙ 8Mbps ස්පීඩ් එකකුත් ලබාගන්න පුලුවන්. අහන්න එපා ඩේටා පැකේක් එක ඉවර වෙන වේගෙ මාසෙ 20 වෙනිද වෙනකොට මගෙ package එක ඉවර වෙනවා. හැබැයි මං off peak data ඉවර කරගන්න torrent වලින් software download වෙන්න දානව. සාමන්යයෙන් 50GB ක් ඩවුන්ලොඩ් වෙන්න රෑ 12 ට වගේ දැම්මාම පාන්දර 4 වෙනකොට සේරම ඩවුන්ලොඩ් වෙලා seeds වෙන්නත් පටන් අරන්. දැන් හිතාගන්න පුලුවන්නෙ speed එක.




හැබැයි ඔබ නිතරම බොහෝ තැන් වල සංචාරයේ යෙදෙන කෙනෙක් නම් ඔබට වඩාත්ම ගැලපෙන්නෙ 3G හෝ HSDPA dongle එකකින් භාවිතා කරන්න පුලුවන් mobile broadband connection එකක් තමයි. ඒක ඔබට Hutch, Airtel හෝ Etisalat යන සමාගම් ඔස්සේ ලබාගන්න පුලුවන්. ඔබ සාමාන්යෙන් YouTube, Facebook සහ දිනකට සුලු ඩවුන්ලොඩ් ප්රමාණයක් පමණක් කරනවා නම් විතරක් ඔබට 15 GB හෝ ඊට වඩ අඩු පැකේජ් එකක් බොහෝ වෙලාවට ගැලපෙනවා. නමුත් ඔබට ඕන වෙලාවක අමතර GB ගණනක් ඔබේ මාසික බිල්පතට එකතු කරගන්න පුලුවන් ඒක අතින් කාල හරක් බලනවා වගේ ඔබව බංකොලොත් කරන්න ISP සමාගම් අටවල තියෙන උගුලක්. ඔය කොයි සමාගමත් අපිට ආදරේ නෑ. තියෙන තුට්ටු දෙකත් හූරන් කන්න තමයි බලන් ඉන්නෙ. හැබැයි SLT සමාගම මෑතකදි ඉදන් off peak, peak time නැති දවසෙම එක වගේ භාවිත කරන්න පුලුවන් packages offer කරනවා. මාත් භාවිතා කරන්නෙ දැන් ඒවගේ package එකක් ඒත් එයාල අමතර data purchase කරන්න ගියාම නම් කලුකඩ මුදලාලිට හපං. එක අතකින් එයාලට බැනල වැඩකුත් නෑ. මේ වගේ අසිරිමත් රටක අධික විදුලි සංදේශ බදු ගෙවමින් තාමත් සේවාව සැපයීම පිළිබඳ මල් තියල වදින්න ඕන.



ඔබ නිතරම films, videos, tutorials download කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම 60 GB හෝ ඊට වඩා වැඩි පැකේජ් එකක් තෝරාගැනීම නුවණට හුරු වෙනවා. ඒ වගේම off peak, peak time බෙදල තියෙන පැකේජ් එකක් තමයි වඩාත් සුදුසු වෙන්නෙ. මොකද රාත්රී 12 න් පස්සෙ connection එක සෑහෙන්න speed හින්ද. මට නම් දැන් බාන්න software නැති නිසයි connection එක daytime එකකට මාරු කරගත්තෙ.
ඇත්තටම කිව්වොත් මීට වඩා ස්පීඩ් එකකින් අපිට ඉනටර්නෙට් ඇක්සස් කරන්න පුලුවන් නමුත් SLT ආයතනය දාල තියෙන rules regulations නිසා තමයි අපිට ඔහොම limited speed එකකින් Internet එක භාවිතා කරන්න වෙලා තියෙන්නෙ කියල මතක තියාගන්න...
අපේ ගීක් බ්ලොග් එකට එකතු වෙලා ඉන්න යාලුවොන්ට සුබ දවසක්… !! 😀😀

No comments:

Post a Comment

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...