Wednesday, November 4, 2020

Linux vs Windows

 Linux ද Windows ද වඩා හොද?

============================
ලෝකයේ ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය වල ආධිපත්ය තාමත් පතුරවාගෙන ඉන්නෙ ගමේ අපි රෙදි හෝදන්න පාවිච්චි කරන සන්ලයිට් වගේ තියෙන Windows මෙහෙයුම් පද්ධතිය. නමුත් Linux මෙහෙයුම් පද්ධතිය ද ලෝකයේ බොහෝ දෙනෙකු භාවිතා කරනු ලබනවා. ඒකට ප්රධානතම හේතුව තමයි Linux කියන්නෙ operating system එකක් නොවීම. Linux කියන්නෙ ඇත්තටම operating system එකක් නෙමෙයි ඒකෙ Curnel එක. Curnel එක කියන්නෙ OS එකක හදවත වගේ. ඉතින් මේ curnel එකේ source code එක ඔයාලට linux foundation එක හරහා ලබාගෙන ඔබ programmer කෙනෙක් නම් අවශ්ය විදිහට වෙනස් කරල OS එකක් නිර්මාණය කරන්න පුලුවන්. ඊට පස්සෙ ඒක ලෝකයේ ඕනෑම කෙනෙකුට නොමිලේ භාවිතා කිරීමේ හැකියාව පවතී. Kali Linux, Ubuntu, Red Hat Linux, SUSE Linux, Cent Os කියන්නෙ ඒ වගෙ Linux curnal එක පදනම් කරගනිමින් නිර්මාණය කරල තියෙන OS. එහෙනම් ඇයි Linux නොමිලේ ලබාදෙත්දිත් Windows OS එකට විශාල මුදලක් ගෙවමින් තවමත් භාවිතා කරන්නෙ. ලංකාවෙදි ඇහුවොත් නම් ඕකට දෙන පිළිතුර තමයි torrent තියෙද්දි මොකටද සල්ලි දීල ගන්නෙ. නමුත් විදේශීය රටකදි ඔය කතාව කියන්න බෑ මොකද ඒ රටවල අපේ වගේ ව්යාජ මෘදුකාංග පිටපත් භාවිතා කිරීමට අවසර නොලැබෙන නිසා.
මේකට ප්රධානතම හේතුව තමයි මුලින්ම GUI ඉන්ටර්ෆේස් එකක් හදුන්වාදෙන්න Windows OS එක වීම නිසා. එවකට Unix ඇතුලු සෑම OS එකකම සෑම කාර්යයක්ම කලේ කලු පාට screen එකක සුදුපාට අකුරු වලින් යුත් කමාන්ඩ් භාවිතා කරමින්. නෑ ඕක කෙල්ලන්ට හරියන්නෙ නෑ එයාල කැමති රූප, අයිකන් මෙනු වගේ දේවල් වලට කියල ඔය සංකල්පය Microsoft සමාගම වෙනස් කරනු ලබනවා. එය කෙතරම් සාර්ථක වූයේද යත් අවුරුදු 11 ක් එක දිගට ලොව වැඩිම ආදායමක් ඉපයු සමාගම බවට Microsoft සමාගමට පත් වන්නට හැකිවුනා. අනික් කාරණය තමයි ඒ කාලෙ ඉදන් ගොඩාක් hardware manufacturer සමාගම් ගොඩාක් ඩිවයිසස් නිර්මාණය කලේ Windows මෙහෙයුම් පද්ධතියට අනුකුල වන පරිදි. ඇත්තටම Linux හොද නැද්ද? එහෙම නැත්නම් Microsoft වල අඩුපාඩු තියෙනවාද. අද අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න හිතුවා.

බොහෝ දෙනෙකු කියනවා වගේ Windows වලට සාපේක්ෂව ඉතා ඉහල security එකක් Linux operating system එක තුල දක්නට ලැබෙනවා. මේක නිකං කට්ටිය කටකහනවට කියන එකක් නෙමෙයි සම්පුර්ණයෙන්ම ඇත්තක්. Linux os එක hack කරමින් එනම් OS එක break කරමින් එහි ඇතුලට පිවිසිල වැඩ කරන්න තියෙන හැකියාව Windows වලට සාපේක්ෂව අඩුයි. විශේෂයෙන්ම Linux Server OS වල නම් මේක ගොඩාක් අමාරු කාර්යයක්. ඒ නිසා තමයි Web Servers ඇතුලු අනෙකුත් බොහෝ Servers වල Windows Servers වෙනුවට Linux ම භාවිතා කරන්නෙ. මීට ප්රධානතම හේතුව තමයි Linux curnel එකේ source code එඅ ඕනෑම කෙනෙකුට ලබාගතහැකි නිසා ලෝකයේ බොහෝ පිරිසක් මෙම Linux OS එකේ වැරදි සහ දෝෂ තැන් නිරන්තරයෙන් සොයා වැඩිදියුණු කරමින් සිටිනවා. ලෝකයේ සෑම රටකින්ම පාහේ Linux OS එක වැඩිදියුණු කිරීම සදහා අවම වශයෙන් එක් developer කෙනෙකු හෝ දායකත්වය සපයන බැවින් Windows වලට සපේක්ෂව මෙහි curnel එකේ දුර්වල තැන් නිවැරදි කිරීම් සහ වැඩිදියුණු කිරීම් සිදුකරනු ලබනවා. නමුත් Windows Source Code එක කිසිම ආකරයකින් එම ආයතනයෙන් පිට කිසිවකුට ලබානොදෙන නිසා එහි වැඩිදියුණු කිරීම් සහ දෝෂ නිරාකරණය කරන්නේ කෙසේද යන්න දකින්නේ සෑම විටම එක් developing කණ්ඩායමක් පමණකි. එම නිසා security එක අතින් ගත් කල Windows වලට සාපේක්ෂව Linux OS එක ඉහල ස්ථානයක සිටිනු ලබයි.
අනෙක් කරුණ තමයි Windows OS එක මගින් නිර්මාණය කරනු ලබන පළමු account එක සදහා full admin access හිමිවෙනවා. ඒ කියන්නේ වෙනත් කෙනෙකු ගේ අවසරයකින් තොරව ඕන මගුලක් කරන්න පුලුවන් කියන එක. හරියට ගෙදර ගෘහ මූලිකයා වගේ. මේ නිසා යම් හෙයකින් virus attack එකක් සිදුවුවහොත් එය සම්පුර්ණ OS එකට බලපාන නිසා සම්පූර්ණ OS එකටම හානි ගෙනදීමට පුලුවන්. නමුත් linux OS එකේ නිර්මාණය කරනු ලබන පලමු account එක ඇතුලු අනෙකුත් account සදහා full admin access ලැබෙන්නෙ නැහැ ඒ නිසා virus attack එකක් වුවහොත් එය සම්පුර්ණ OS එකටම බලපෑමක් සිදුවන්නේ නැහැ. Vrus එකට access කල හැකි system files වලට පමණක් හානි කිරීමක් සිදුකරනු ලබනවා. මේ නිසා සම්පූර්ණ OS එකම crash වීමේ අවධානම ගොඩාක් දුරට අඩුවෙනවා හරියට බැදපු ගෙදරක ඉන්න ගෘහ මූලිකයා වගේ රජා වගේ හිටියට සමහර වැදගත් දේවල් බිරිදගේ අවසරයකින් තොරව කරන්න බෑ වගේ. Linux භාවිතා කරන අය දන්නවා full access ගන්නනම් terminal එකේ command එක ඉදිරියේ sudo කියල ගහන්න ඕන කියල. sudo apt-get update ඔන්න ඔය වගේ එතකොට තමයි ඒ වැඩේට full access හම්බ වෙන්නෙ. මේකත් ඉතාමත් හොද feature එකක් linux වල තියෙන. මෙය linux client සහ server OS දෙකටම පොදු කාරණයක්.

අනෙක් කරුණ තමයි ලෝකයේ Linux භාවිතා කරන්නේ 3% ක් වගේ සුලු පිරිසක් නමුත් Windows OS එක ලෝකයේ 80% කටත් වඩා වැඩි පිරිසක් භාවිතා කරනු ලබනවා. ඒ කියන්නේ ලෝකයේ PC 10 ක් ගත්තොත් ඉන් 8 කම දුවන්නේ කුමන හෝ Windows OS එකක්. මේ නිසා Linux වල වැඩ කරන්න දන්නේ ලෝකයේ අඩු පිරිසක් විශේෂයෙන්ම linux server OS කිසිවක් GUI වලින් නොපැමිණෙන අතර සියලුම කාර්යයන් command හරහා පමණක් සිදුකල යුතු වෙනවා. නමුත් අලුතෙන් එන Windows servers අවශ්යනම් command line ආකරයට install කලත් ඉස්සර ඉදන්ම ආවෙ client OS වගේ GUI. මේ නිසා Windows GUI පැමිණෙන නිසාත් බොහෝ පිරිසක් දන්න නිසාත් hack වීමේ සම්භාවිතාවය ගොඩාක් වැඩියි. කොටින්ම කිව්වොත් hackers ල ගෙන් ඉල්ලන් කෑමක් කන්න පුලුවන් හරියට Windows OS එකක් maintain නොකලොත්.
අනෙක් ප්රධානතම කාරණය තමයි speed එක. Linux OS එක Windows OS එකට සාපේක්ෂව ඉතාමත් Speed OS එකක්. මුල්යමය වශයෙන්ම සලකා නොව මෙන්න මේ කියන Speed එක නිසාමත් ලෝකයේ බොහෝ servers සහ super computers සදහා Linux Server OS එක භාවිතා කරන්නේ. client OS වලින් ගත් කල Windows 8.1 සහ Windows 10 වලට සාපේක්ෂව Linux OS එක ඉතාමත් වේගවත්. විශේෂයෙන්ම පැරණි Hardware devices උඩ වැඩ කිරීමේදී Windows OS ගොඩාක් මන්දගාමී ස්භාවයකින් තමයි කටයුතු කරනු ලබන්නේ. thread scheduling, memory management, i/o handling, file system management මේ කියන හැම කාරණයකින්ම Linux OS එක Windows වලට වඩා ඉදිරියෙන් සිටිනවා. ඇයි මේ Windows OS එක ගොඩාක් Slow කියන්නෙ.
ඒකට ප්රධානතම හේතුව තමයි Windows OS එක ක්රියාත්මක වීමේදී විශාල services ප්රාමාණයක් background එකෙහි run වීම Task Manager එකට ගියාම ක්රියාත්මක වන මාගලක් විතර තියෙන background application සහ services ටික බලාගන්න පුලුවන්. නමුත් Linux කියන්නේ හරිම සැහැල්ලු OS එකක්. අඩු Services සහ background application ප්රාමාණයක් තමයි OS එක run වෙද්දි ක්රියාත්මක වෙන්නෙ. මේ නිසා Windows OS එක සෑහෙන්න වශයෙන් RAM එක භාවිතා කරනු ලබනවා. හරියට Chubby කෙල්ලෙක් maintain කරනවා වගේ වැඩක් තමයි Windows OS එක භාවිතා කරනවා කියන්නේ. දැන් chubby කෙල්ලො වස්ත්ර කරේ තියන් එන්න එපා විහිලුවක් කලේ.


අනෙක් කාරණය තමයි Linux වල හොද file managment system එකක් තියෙනවා. ඒ කියන්නේ hard disk එකට files ලියද්දි ඒවායේ සම්පූර්ණ ෆයිල් එකම sectors වල write කරන්න බැරිවුනාම Linux කරන්නේ ඒ ෆයිල් එක chunk ඒ කියන්නෙ කුඩා කෑලි වලට කඩද්දි ලග sectors වලට තමයි දා ගන්නෙ. නමුත් Windows කරන්නෙ ඕකෙ අනික් පැත්ත write speed එක වැඩි කරගැනීමට ඔහේ අහුවෙච්ච ඕනිම ඉඩ තියෙන sector එකකට ඒ ෆයිල්ස් index කරමින් ලියාගන්නවා. හරියට කොල්ලො වගේ හරිම සරලයි අහුවෙන ඕනම ඇදුමක් ඇදන් යනව වගෙ. ඔන්න කෙල්ලන්ටත් ලකුණු ටිකක් දාල දුන්නා. ඉතින් නැවතත් මේ files read කරන්න ගියාම Linux වලට chunks එක ලග තියෙන නිසා ලේසියෙන්ම සම්පූර්ණ ෆයිල් එකම access කරල දෙන්න පුලුවන් ලෙහෙසියෙන්ම. නමුත් Windows වලට දාපු දාපු තැන් වලින් හොයල දෙන්න ඕන නිසා තරමක ප්රමාදයක් තියෙනවා. මේකත් Linux වල speed එකට ගොඩාක් බලපාන කාරණයක්. අද නම් ලිපිය දිගයි කියල අඩන්න ලෑස්ති වෙන්න එපා මොකද මේ කාරණා නොකියාම බෑ ඒකයි.
Windows 10 සහ Linux අලුත්ම desktop OS එක වන Mint 19 සමග සැසදීමේදී Linux OS එක speed එක අතින් ඉදිරියෙන්ම සිටිනු ලබනවා. Windows 10 OS එක ක්රියාත්මක වීමේදී Physical RAM එකෙන් 1.3 GB ප්රමාණයක් භාවිතා කරනු ලබනවා. අන්න ඒ නිසා තමයි install කරද්දි අවම වශයෙන් 1GB RAM එකක්වත් ඕනැයි කියන්නෙ නමුත් Linux mint 19 එක භාවිතා කරනු ලබන්නේ 373 MB වැනි සුළු ප්රමාණයක් පමණි. දැන් ඔයාලට තේරුනැයි හොද වැඩේ නෙහ් Windows පාවිච්ච් කරනවට.
අනෙක් කාරණය තමයි Wiindows resources ගොඩාක් බර වැඩියි Linux වලට සාපේක්ෂව ඒ වගේම Windows update පවා ගොඩාක් slow විදිහට තමයි install වෙන්නෙ නමුත් Linux වල update කරන එක සහ install කරන එක ගොඩාක් වේගවත්. දැන් බලයි මෙච්චර security සහ speed වෙලා තියෙද්දි හරියට ජනතා විමුක්ති පෙරමුණට චන්දෙ දෙනවා වගේ Linux වලට තියෙන කැමැත්ත 3% ක් වෙලා තියෙන්නෙ. ඒකට හේතුව තමයි Linux ලස්සන නැති එක එය ගොඩාක් සරල simple හින්ද ගොඩ දෙනෙක් කැමති නැහැ. මේක මුලින්ම 1980 දි පමණ bill gates තේරුම් ගන්නවා. ලෝකයේ හැම මිනිහෙක්ම බලන්නෙ පිට ඔපය ඇතුලාන්තය බලන්නෙ නැහැ. කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ගියාමත් අපි මුලින් බලන්නෙ ලස්සන වාහනයක් ගන්න ගියාමත් එහෙමයි ඉතින් ඒ කාලෙ ඉදන් Unix ඇතුලු අනෙකුත් OS තිබ්බෙ graphics කිසිවක් නැතුව command line ඉතින් bill gates මේ සිද්ධාන්තය වෙනස් කරල ලෝකයේ හැමෝටම ආස කරන විදිහට පාවිච්ච් කරන්න පුලුවන් විදිහට මේක හැඩදාල graphics add කරල GUI කරනවා. මේ concept එක කොච්චර සාර්ථක වුනාද කිව්වොත් bill gates එක රැයකින් බිලියන පතියෙක් කලා. ඔන්න ඕක තමයි Windows ගොඩ දෙනෙක් භාවිතා කරන්නෙ Linux GUI මෝඩ් එකට එනකොට Windows ඒක Linux වලට අල්ලන්න බැරි විදිහට සෑහෙන්න දියුණු කරල. Windows 10 ලිනක්ස් අලුත් Mint 19 වලට වඩා ගොඩාක් ලස්සන 3D මෙන්ම 2D look එකක් තියෙන විදිහට කෙල්ලො කොල්ලො පිස්සු වට්ටන විදිහට හදල තියෙනවා. අනික් කාරණේ තමයි application එහෙම ගොඩාක් ලේසියෙන් Linux වලට සාපේක්ෂව install කල හැකි වීම. මං ජීවිතේටවත් දැකල නෑ කෙල්ලෙක් Linux OS එකක් ලැප් එකේ දං ඉන්නවා. කොච්චර කයිය ගැහුවත් මාත් Ubuntu 18.04 එකකුයි Red Hat Linux එකකුයි virtual තමයි තියෙන්නෙ. විලි ලැජ්ජයි සන්තෝසේ බැරුවා කිව්වා වගේ අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මිනිස්සු වගේ ලෝකේ හොදම OS එකක් කියල නැහැ. ඒක ඔබගේ අවශ්යතාවය මත දීල තියෙන features වෙනස් වෙනවා. ඒ නිසා සාමන්ය personal use කිරීමට Windows තමයි. ඒත් Security පැත්ත බලන සහ hacking කරන අයට හොද Linux තමයි.
අපේ ගීක් බ්ලොග් එකට එකතු වෙලා ඉන්න යාලුවොන්ට මේ Video එකෙන් තව දෑනුමක් ගන්න පුලුවන් වෙයි. සුබ දවසක් හෑමෝටම… !!


No comments:

Post a Comment

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...