Saturday, November 6, 2021

කැනඩාවේ විදුළි දුම්රිය සහ අපි.

 කැනඩාවේ විදුළි දුම්රිය සහ අපි.   


කැනේඩියානු ජාතික දුම්රිය සමාගම, බැටරි-විද්‍යුත් දුම්රිය මිලදී ගැනීම නිවේදනය කළේය. කැනඩාවේ සැතපුම් 19,500 දුම්රිය ජාලයට සම්පූර්ණයෙන්ම විදුළියෙන් දුවන දුම්රිය සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාවයි. මෙය කාබන් විමෝචනය අවම කිරීම සඳහා උපාය මාර්ගයේ කොටසක් වූ අතර පෙන්සිල්වේනියා පරිසර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදානයකි.  එහි උපරිම බර රාත්තල් 430,000 කි. 

කැනේඩියානු ජාතික දුම්රිය සමාගම 1919 වසරේ සිට ක්‍රියාත්මක වන දුම්රිය සමාගමකි. සෑම වසරකම එය උතුරු ඇමරිකාව පුරා ස්වභාවික සම්පත්, නිෂ්පාදන භාණ්ඩ ටොන් මිලියන 300කට අධික ප්‍රමාණයක් ආරක්ෂිතව ප්‍රවාහනය කරයි.  එය දැනට උතුරු ඇමරිකාවේ වඩාත්ම ඉන්ධන කාර්යක්ෂම දුම්රිය වේ.  ආසන්න වශයෙන් 15% අඩු ඉන්ධන ප්‍රමාණයක් භාවිතා වීම මේ කාර්යක්ෂම දුම්රිය සේවයේ විශේෂයකි.   

දුම්රිය එන්ජිම ලිතියම්-අයන බැටරි සෛල 20,000 කින් ටොන් 22.5ක බලශක්ති ධාරිතාවක් (MWh 2.4) ලබා දේ. ඊට පැයට සැතපුම් 75ක පමණ වේගයක් ලබා ගත හැකි අතර, වරක් ආරෝපණයෙන් සැතපුම් 350ක් ගමන් කළ හැකිය. බැටරි තාක්‍ෂණය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා “General Motors” සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කල බව ඔවුන් කියති.  


ඩීසල් දුම්රිය ඉවත් කිරීම නිසා, එය දේශීය වාතයේ ගුණාත්මකභාවය සඳහා විශිෂ්ට තීරණයක් වනු ඇත. කුඩා කාලයකට වුවද නවතා ඇති විට, එය ආරෝපණය කළ හැකිය. ඔවුන්ගේ වෙබ් අඩවිය බලන විට, මෙම දුම්රිය එන්ජිම සාම්ප්‍රදායික ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ඒවා සමඟ යුගල කිරීමට සැලසුම් කර ඇති බව පෙනේ. එනම් පරාසය පිළිබඳ අවුල ඉවත් කරයි. 


මෙහි තවත් විශේෂාංගවලින් එකක් වන්නේ දුම්රිය සඳහා පුනර්ජනනීය තිරිංග තිබීමයි. පැරණි ඩීසල් දුම්රීන් හී විදුලි තිරිංග ඇති වුවද, නාස්ති වී,තාපය සේ අපතේ යන ශක්තිය ඉන් උකහා ගැනීමට නොහැක. දුම්රිය විද්‍යුත්කරණය කිරීමට අර්ථවත් වන්නේ මෙහෙයිනි. අවම ශබ්දය හා අවම දූෂණය සදාතනික ගැටලුවක් වන ජනාකීර්ණ ප්‍රදේශ සඳහා මෙය ආශීර්වාදයකි. 


කිසි විටෙකත් දුම්රිය එන්ජින්වල ඇති දැවැන්ත ඩීසල් එන්ජින් ක්‍රියා විරහිත නොකරයි. විශේෂ නඩත්තුවකදී පමණක් එය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කෙරේ.  ලංකාවේ වුවද තත්වය බොහෝ විට එසේමය. ඊට කාර්මික හේතු ඇත. කෙටියෙන් කිවහොත් දුම්රියේ කටයුතු නැවත ආරම්භ කිරීමට අපහසු වීම නිසා වේ. 


නව බැටරි තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන දුම්රීන්ට ඒ ගැටලුව නැත. 

විශාල බැටරි ප්‍රමාණයක් සහිත සැතපුම් 300 ක පරාසයක් සහිත විදුළි දුම්රිය සඳහා අවශ්‍ය වන විශාල බැටරි සංඛ්‍යාව ගැන සමහර විශේෂඥ දුම්රිය ඉංජිනේරුවන් එකඟ නැත. ඔවුන් කියන්නේ, ඒ වෙනුවට “Tesla Megapacks” කිහිපයක් කන්ටේනර් රේල් කාර්වලට දමා එන්ජිමට සම්බන්ධ කල යුතුය යන්නය. එය වඩා ලාභදායී වනු ඇතැයි ඔවුන් කියති. 


ආරෝපණ පද්ධති ගැන අන්තර් ජාලයේ සඳහනක් නැත. නමුත් වෙබ් අඩවියේ ආකාරයට, දුම්රිය එන්ජිම ආරෝපණය වන ආකාර දෙකකි. ක්‍රියා කිරීමේදී ගතික තිරිංග හෙවත් පුනර්ජනනීය සේ තිරිංග භාවිතය එක ක්‍රමයකි. අනෙක් ක්‍රමය බාහිර විදුළි බල පද්ධතියකිනි. එහෙත් එය කෙරෙන්නේ දුම්රිය චලනය වන විටද නැතහොත් නවතා තබා ඇති විටද යන්න ගැන සඳහන් නැත. කෙසේ වුවද පුනර්ජනනීය තිරිංග භාවිතයේ ඇති විශාල වාසියක් වන්නේ, බ්රේක් ගෙවීමක් සිදු නොවීම හෝ එය අවම වීමය. 


මෙය බොහෝ විදුළි වාහන වලට පොදුය. වෙන එකක් තබා, හයිබ්‍රිඩ් වාහන වලටද පොදු දෙයකි. ලංකාවේද, එක්තරා ප්‍රසිද්ධ වාහන ඒජන්ත කෙනෙක් කියා සිටියේ, ඒ ආයතනයෙන් සේවා සපයන හයිබ්‍රිඩ් වාහන වල ඉතා අඩුවෙන් බ්රේක් පෑඩ් සහ ඩිස්ක්ස් නැවත දමන බවය.  ලංකාවේ භාගයක් මිනිසුන් විදුළි වාහන භාවිතා කළහොත් ඒ වාහන ඒජන්තයන්ට යන එන මං නැතිවනු ඇත. 

දුම්රිය හා සම්බන්ද උදාහරණයක් ගනිමු.  ඕස්ට්‍රේලියාවේ “රෝයි හිල්” කඳු මාර්ග සඳහා, එකකට වඩා වැඩි ඩීසල් දුම්රිය එන්ජින් භාවිතා කරයි. මේ අතර කැලිෆෝනියාවේ යම් යම් කඳු ධාවන ප්‍රවාහන සඳහාද ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් භාවිතා කරන ලදී. එහෙත් මේවා ඉවත් කර, විදුළි දුම්රිය දැමීමෙන් ඉන්ධන සහ තිරිංග කොටස් කොපමණ ප්රමාණයක් ඉතිරි කර ගත හැකිදැයි සිතා බලන්න. මෙය අපගේ පරිසරයට විශාල බලපෑමක් ඇති කරයි. 


තවත් විශේෂ කරුණක් මෙහි ඇත. එනම් “බිල් ගේට්ස්” මේ දුම්රිය සමාගමේ හි විශාලතම කොටස් හිමියා වේ. ඔහු එයට දී ඇති වටිනාකම $13B හෙවත් ඩොලර් බිලියන 13 කි. ඔහුගේ මිතුරා වන වොරන් [Warren Buffett] “උතුරු බර්ලින්ටන් දුම්රිය සේවයේ” [Burlington Northern} හි හිමිකරු වේ. මේ දෙදෙනාම බොහෝ දුර දිග දකින පුද්ගලයන් ය.  


එනම් මේ බිලියනපතියන්, බොහෝ දුරට එක්සත් ජනපදය සහ කැනඩාව ආවරණය කරති. මෙයින් පෙනී යන්නේ පරිසර දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් සමහර දක්‍ෂ මිනිසුන් කෙතරම් දුර දකින්නේද සහ බැරෑරුම් සේ සිතන්නේද යන්නයි.


දැන් අප ලංකාවේ තත්වය ගැන මඳක් විමසා බලමු. 

ලංකාවේ අප දක්ෂයන් නොවන නිසා සැහැල්ලු සේ සිතන්නෙමු. පැහැදිළිවම ජීව වායු මගින් නිවසට අවශ්‍ය ගෑස් ලබා ගැනීමට හැකියාව තියෙන අතරේ, ගෑස් පෝලිමේ සිටින්නෙමු. දීප්තිමත් සූර්ය ආලෝකය අහසෙන් වැටෙන විටදී තවමත් ග්‍රිඩ් එකෙන් බලය ලබා ගනිමු. තවමත් ඩීසල් දුම්රිය භාවිතා කරන්නෙමු. විදුළි දුම්රියක් ගැන පර්යේෂණාත්මක තත්වයේ හෝ උත්සාහයක් ගැන පෙනෙන තෙක් මානයේ හෝ නැත. 

සුද්දා ජලයෙන් ක්‍රියාත්මක වන සේ නිර්මාණය කල තේ කර්මාන්ත ශාලා අපට භාරදී ඔවුන් බ්‍රිතාන්‍යයට ගියහ. පසු කල අප ඒවා ගිණි තැබුවෙමු. ඒ, හොර මගඩි යට ගැහීම සඳහා මෙන්ම දේශපාලන හේතු නිසාය. 

මුළු ආසියාවේම අඩුම සේ පරීක්‍ෂණ කෙරෙන්නේ [Research & developments] ලංකාවේ වේ. 

අප සියල්ලන් අදක්ෂයෝ වන්නෙමු. මේ රටේ භුමි දෝෂයක් ඇත.  ඊට කිසිම බාහිරව පූජාවක් වැඩ කරන්නේ නැත. දේශපාලන පක්ෂය, ජාතිය වැනි පරාමිතික නොතකා, මෙහි උපදින සියළු දෙනා අදක්ෂයන් වේ. මෙයට කල හැකි එකම එක විසඳුමක් ඇත. එනම් රට “රයිට් ඕෆ්” කිරීමය.  එනම් බැංකුවක් බංකොලොත් වූ විට එය දිය කර හැරීම වැනි වේ. නැවතත් වෙනත් රටක මිනිසුන්ට ලංකාව භාර ගැනීමට බල කල යුත්තෙමු.

විශේෂයෙන් ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය නෝර්වේ වැනි රටකට ඒ අවස්ථාව දිය යුතුය. මේ තරම් අඳුරු රටවල් ආලෝකයෙන් සහ සුළන් මගින් මෙපමණ වැඩ ගන්නවා නම්, ලංකාව සුර පුරයක් කරන්නට ඔවුන්ට මාස කීපයකට වඩා නොයනු ඇත.

Thursday, November 4, 2021

ලොව භයානකම පොත

 ලොව භයානකම පොත

ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්ධානම පොතක් තමා මේ තියෙන්නෙ.. ඒක මාරි කියුරි මැතිනියගේ Note book එකක්...

  • ඇයි මේ Notebook එක මෙච්චර ඩේන්ජරස්?
එයාගෙ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක..නැත්තන් විකිරණශීලී ද්රව්ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.
මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.
Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්.
නොබෙල් ත්යාග තුනක්,
පිළිකාවට ගොදුරු වූ ජීවිත දෙකක්,
මවක් සහ දියණියක්!
මාරි කියුරි සිය වැඩිමහල් දියණිය අයිරීන් සමග, 1925!
නොබෙල් ත්යාගය මත සිය අණසකය පැතිර වූ පවුලක් වෙති. ඔවුන් තරමට ඒ දිනූවෝ වෙන නොවෙති.
මාරී සිය සැමියා පියරේ සමගින් 1903 හි දී භෞතික විද්යාව සදහා නොබෙල් ත්යාග දිනාගනිමින් ඒ ගෝලීය ගෞරවය පළමුකොට කියුරි නම අද්දර පළන්දා තිබුණි. ඉන්පසු මාරී නැවතත් 1911 හි දී රසායන විද්යාව සදහා වූ නොබෙල් ත්යාගය දිනාගති. ඒ අනුව නොබෙල් ත්යාගය දිනූ ප්රථම කාන්තාව වී සිටි මාරි, එය දෙවරක් දිනූ එකම කාන්තාව බවට පත්විය. එයින් නොනැවත අද ද වනතුරු එකිනෙකට වෙනස් වූ විද්යා ක්ෂෙත්රයන් දෙකක් උදෙසා නොබෙල් ත්යාගය දිනූ එකම පුද්ගලයා බවට පත්ව ඇය අදටත් සුවිසෙස් ව ඇත. අහම්බෙන් සහ විටෙක සිතැගිව, අහිතකර වූත් මරණීය වූත්, විකිරණ මත දිගින් දිගටම සිය දහස් වාරයක් නිරාවරණය වීමෙන් හටගත් නිෂ්කල්ප්ය නීරක්තියෙන් (රුධිරගත පිළිකාවකි, Aplastic Anaemia) පීඩා විද හැටහයවන වියේ දී ඇය අභාවප්රාප්ත විය. අදටත් ඇය අතින් අල්වා කැරකැවූ දොරගුළු මත, ඇය ලියූ සටහන් පොත් තුළ, මුළුතැන්ගෙයි ආම්පන්න තුළ පමණක් නොව ඇයගේ මළසිරුරින් පවා ඒ මරණීය විකිරණ වෑස්සෙන බැවින් එය අදටත් පැරිසියෙහි, උත්තම පැරීසියානුවන් පමණක් සදාකල්හී නිදනා පැන්තියොන් හී සුසානාගාරයෙහි අගලක ඝණකම් ඊයම් කලේබරයෙක බහා නිදන් කර ඇත. ඉන් ඇතුළුව, ඈ අත රැදි සියල්ලෙන් මීළග සියවස් පහළොව පුරාවට, අවම වශයෙන් වර්ෂ 3400 ලබන තුරු, විකිරණ මුදාහැරෙනු ඇත
මිනීපෙට්ටිය හදල තියෙන්නෙ අඟල් හතරහමාරක් ඝනකම ඊයම් වලින්.තව අවුරුදු 2500-3000ක් වත් යනකන් ඇටකටු වලින් විකිරණ නිකුත් වෙනව කියල කියන්නෙ.
මාරි ගේ ආදරබර සැමියා වූත්, ලෝ දිනූ ගෞරවයේ සගයා වූත්, පියරේ කියුරි වැසිබර දිනෙක මනෝ ලෝකයෙක සරමින් පැරිසී වීදියක් හරහා පියමනිමින් සිටියදී, අශ්ව කරත්තයක ගැටී එහි රෝදයටම යට වී හිස්කබල සුණුවිසුණු ව ජන්මාන්තර ගත විය. ඒ නොවන්නට ඔහුද විකිරණය උරුම කරදුන් පිළිකාවටම ගොදුරුව මිය යන්නට සිය දෛවය ලියවා හුන්නෙකෙකි. ඔහුද පැන්තියෝන් හී ගෞරවය ලබමින් මාරී අසලින්, ඊට පහළින් නිදන් විය. පියරේ සහ මාරි දිනාගත් නොබෙල් ත්යාග සංඛ්යාව තුනකි. කියුරීන නොබෙල් පිපාසය ඉන් සන්සිදුනේ නැත.
ඔවුන්ගේ වැඩිමහළු දියණිය වූ අයිරීන් දෙමාල්ලන් අඩිපාරෙහිම යමින් රසායන විද්යාව සදහා වූ නොබෙල් ත්යාගය සිය සැමියා වූ ෆ්රෙඩරික් ජොලියට් සමගින් වර්ෂ 1935 හි දී සිය කෘතීම විකිරණශීලිතාව සම්බන්ධව වූ සොයාගැනීම් උදෙසා දිනාගති. ඇයද ඉන් උදාකරදුන් ලියුකීමියාමය පිළිකාවකින් පීඩා විද 58 වසක් ආයු වළදා 1956 හිදී මියගිය අතර ඊට දෙවසරකට පසු ෆ්රෙඩරික් උග්ර යකෘත්ප්රදාහයකින් පෙළී මරණය තෙක් රුධිරය වමනය කොට බොහෝ දුක් විද නෙතු පියාගති.

මාරිගේ දෙවන දියණිය ඊව් විද්යාවෙන් ඈත් වී සාහිත්යයට නැඹූරු විය. නොබෙල් ත්යාග නොලැබූ ඈ ආයුෂය දිනාගති. වසර 102ක් ආයූ වැළදූ ඇය නිව් යෝර්ක් හී සාමකාමී නිවහනෙක ජීවිතයෙන් නිවීගිය විඩාබර සයනයක දී අවසන් සුසුම් හෙළන්නට ඇත. නමුදු කියුරි පවුලෙහි නොබෙල්මය සිහිවටන ඉන් අවසන් නොකරමින් ඊව් ගේ ප්රියාදර සැමියා හෙන්රි රිචර්ඩ්සන් වර්ෂ 1965 හි දී නොබෙල් සාම ත්යාගය දිනාගති.
ඒ අනුව කියුරි පවුලේ මුල් සාමජිකයින් හයෙන් පස් දෙනෙකු නොබෙල් ත්යාගලාභීහූ වෙති. ඔවුන් ලද මුළු නොබෙල් ත්යාග ගණන හයෙකි.
එක්සත් ජාතීන් පිළිගත් රාජ්ය අතරින් 116 ක් එකදු නොබෙල් ත්යාගයක් හෝ දිනා නැත. අසල්වැසි ඉන්දියාව නොබෙල් දොළොසක් දිනා ඇත. පකිස්ථානය හා බංග්ලාදේශය ද දෙකක් දිනා ඇති බැව් ඔබ දැනගත යුතුය. ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව පමණක් නොව අසර්බයිජානය ද එකක් හෝ දිනා ඇත. ඒත් අප?

✍️ අන්තර්ජාලය ඇසුරෙන් ..

Wednesday, November 3, 2021

අපූරු පුංචි කතාවක් .... | A beautiful story

 පුංචි කතාවක් ..

එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා.. කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා....
"අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. ඔයා කියන්නේ මට ඔයාට ආදරේ කරන්න කියලද..? ඒක කවදාවත් වෙන්නේ නෑ.. අමතක කරල මාව තමන්ගේ තත්වයට ගැළපෙන කෙනෙක් හොයා ගන්න"
නමුත් මේ දුප්පත් පිරිමි ළමයට මේ ගැහැණු ළමයව අමතක කරන එක නම් ලේසි උනේ නෑ..
ඊට අවුරුදු දයකට පස්සේ මේ දෙන්න අහම්බෙන් වගේ මුණ ගැහුණා සාප්පු සංකීර්ණයකදී....
"හේයි, ඔයා මෙහේ.. කොහොමද ඔයාට.? දැන් මම කසාද බැඳලනේ..ඔයා දන්නවද මගේ හස්බන්ඩ්ගේ සැලරි එක..? මාසෙකටම රුපියල් ලක්ෂ දෙකක්.. හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම එයා ගොඩක් ලස්සනයි.." කාන්තාව අර පිරිමි ළමයට කිව්වා..



තමන් පණටත් වඩා ආදරේ කල කෙල්ල තමන්ට මෙහෙම කියද්දී අර පිරිමි ළමයාගේ ඇස් කඳුළු වලින් තෙත් උනා....
විනාඩි කිහිපයක පසුව ඇගේ හස්බන්ඩ් මේ දෙන්න ළඟට ආවා.. ඇය කිසිවක් හස්බන්ඩ්ට පහදල දෙන්න ඉස්සෙල්ල මේ පිරිමි ළමයා දැක්ක ගමන්ම හස්බන්ඩ් කතා කරන්න පටන් ගත්තා...
"සර්, ඔයා මෙතන..මේ මගේ වයිෆ්" එහෙම කියල ඔහු ඇය වෙතට හැරිලා "ඔයා දන්නවද බබා, මම මිලියන 200ක ප්රොජෙක්ට් එකක් කරන්න යන්නේ මේ සර් එක්ක.. ඔයා දන්නවද මේ සර් කාලයක් තිස්සේ ගැහැණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.. ඒත් ඒ ගැහැණු ළමය අකමැති වෙල සර්ව නොසළකා හැරිය නිසාලු සර් තවමත් කසාද නොබැඳ ඉන්නේ.."
මේ කාතාවෙන් ලොකු පනිවිඩයක් අපිට දෙනවා නේද..?
ජීවිතය කියන්නේ එතරම් කෙටි එකක් නෙවෙයි. ඉතින් ඔයා මේ කාලේදි ඔයා ගැන වැඩිය ආඩම්බර වෙන්න යන්න එපා.. අනුන්ව හෙළා දකින්න යන්න එපා.. මොකද ජීවිතය තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා... සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුයි....

✍️ උපුටාගැනීමකි…



----------------------------------------------------------------------

A little story.....

A poor boy loved a very rich girl.. Somehow this boy expressed his love to that girl.. Here's how the rich girl replied to her mouth....
′′ Listen, your monthly salary is like my expenses for the day.. How do you even let me eat and dress.. Are you telling me to love you..? It never happens.. Forget me and find someone who fits your status.. ′′
But it wasn't easy for this poor boy to forget this girl..
After ten years these two met accidentally at a mall....
′′ Hey, you here.. How are you.." Now I'm married.. Do you know my husband's salary is..? lakh rupees per month.. Can you imagine..? And he's very beautiful.? The lady told that boy..
The boy's eyes got wet with tears when the girl he loved more than his life said this to him....
Minutes later her husband came to these two.. She gave anything to the husband and the husband started talking as soon as he saw this boy...
′′ Sir, you're here.. this is my wife.. he turned to her and said.. you know baby, I'm going to do a 200 million project with this sir.. you know this sir has loved a girl for a long time.. There is.. But Nisalu sir who ignored the girl when she didn't like her is still unmarried.."
This story gives us a big worm, isn't it?
Life isn't so short. So don't try to be too proud of yourself in this time.. Don't try to condemn others.. Because life changes second by second... Everyone should respect others love....
✍️ An extraction ..

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...