Saturday, November 6, 2021

කැනඩාවේ විදුළි දුම්රිය සහ අපි.

 කැනඩාවේ විදුළි දුම්රිය සහ අපි.   


කැනේඩියානු ජාතික දුම්රිය සමාගම, බැටරි-විද්‍යුත් දුම්රිය මිලදී ගැනීම නිවේදනය කළේය. කැනඩාවේ සැතපුම් 19,500 දුම්රිය ජාලයට සම්පූර්ණයෙන්ම විදුළියෙන් දුවන දුම්රිය සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාවයි. මෙය කාබන් විමෝචනය අවම කිරීම සඳහා උපාය මාර්ගයේ කොටසක් වූ අතර පෙන්සිල්වේනියා පරිසර ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදානයකි.  එහි උපරිම බර රාත්තල් 430,000 කි. 

කැනේඩියානු ජාතික දුම්රිය සමාගම 1919 වසරේ සිට ක්‍රියාත්මක වන දුම්රිය සමාගමකි. සෑම වසරකම එය උතුරු ඇමරිකාව පුරා ස්වභාවික සම්පත්, නිෂ්පාදන භාණ්ඩ ටොන් මිලියන 300කට අධික ප්‍රමාණයක් ආරක්ෂිතව ප්‍රවාහනය කරයි.  එය දැනට උතුරු ඇමරිකාවේ වඩාත්ම ඉන්ධන කාර්යක්ෂම දුම්රිය වේ.  ආසන්න වශයෙන් 15% අඩු ඉන්ධන ප්‍රමාණයක් භාවිතා වීම මේ කාර්යක්ෂම දුම්රිය සේවයේ විශේෂයකි.   

දුම්රිය එන්ජිම ලිතියම්-අයන බැටරි සෛල 20,000 කින් ටොන් 22.5ක බලශක්ති ධාරිතාවක් (MWh 2.4) ලබා දේ. ඊට පැයට සැතපුම් 75ක පමණ වේගයක් ලබා ගත හැකි අතර, වරක් ආරෝපණයෙන් සැතපුම් 350ක් ගමන් කළ හැකිය. බැටරි තාක්‍ෂණය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා “General Motors” සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කල බව ඔවුන් කියති.  


ඩීසල් දුම්රිය ඉවත් කිරීම නිසා, එය දේශීය වාතයේ ගුණාත්මකභාවය සඳහා විශිෂ්ට තීරණයක් වනු ඇත. කුඩා කාලයකට වුවද නවතා ඇති විට, එය ආරෝපණය කළ හැකිය. ඔවුන්ගේ වෙබ් අඩවිය බලන විට, මෙම දුම්රිය එන්ජිම සාම්ප්‍රදායික ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ඒවා සමඟ යුගල කිරීමට සැලසුම් කර ඇති බව පෙනේ. එනම් පරාසය පිළිබඳ අවුල ඉවත් කරයි. 


මෙහි තවත් විශේෂාංගවලින් එකක් වන්නේ දුම්රිය සඳහා පුනර්ජනනීය තිරිංග තිබීමයි. පැරණි ඩීසල් දුම්රීන් හී විදුලි තිරිංග ඇති වුවද, නාස්ති වී,තාපය සේ අපතේ යන ශක්තිය ඉන් උකහා ගැනීමට නොහැක. දුම්රිය විද්‍යුත්කරණය කිරීමට අර්ථවත් වන්නේ මෙහෙයිනි. අවම ශබ්දය හා අවම දූෂණය සදාතනික ගැටලුවක් වන ජනාකීර්ණ ප්‍රදේශ සඳහා මෙය ආශීර්වාදයකි. 


කිසි විටෙකත් දුම්රිය එන්ජින්වල ඇති දැවැන්ත ඩීසල් එන්ජින් ක්‍රියා විරහිත නොකරයි. විශේෂ නඩත්තුවකදී පමණක් එය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කෙරේ.  ලංකාවේ වුවද තත්වය බොහෝ විට එසේමය. ඊට කාර්මික හේතු ඇත. කෙටියෙන් කිවහොත් දුම්රියේ කටයුතු නැවත ආරම්භ කිරීමට අපහසු වීම නිසා වේ. 


නව බැටරි තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන දුම්රීන්ට ඒ ගැටලුව නැත. 

විශාල බැටරි ප්‍රමාණයක් සහිත සැතපුම් 300 ක පරාසයක් සහිත විදුළි දුම්රිය සඳහා අවශ්‍ය වන විශාල බැටරි සංඛ්‍යාව ගැන සමහර විශේෂඥ දුම්රිය ඉංජිනේරුවන් එකඟ නැත. ඔවුන් කියන්නේ, ඒ වෙනුවට “Tesla Megapacks” කිහිපයක් කන්ටේනර් රේල් කාර්වලට දමා එන්ජිමට සම්බන්ධ කල යුතුය යන්නය. එය වඩා ලාභදායී වනු ඇතැයි ඔවුන් කියති. 


ආරෝපණ පද්ධති ගැන අන්තර් ජාලයේ සඳහනක් නැත. නමුත් වෙබ් අඩවියේ ආකාරයට, දුම්රිය එන්ජිම ආරෝපණය වන ආකාර දෙකකි. ක්‍රියා කිරීමේදී ගතික තිරිංග හෙවත් පුනර්ජනනීය සේ තිරිංග භාවිතය එක ක්‍රමයකි. අනෙක් ක්‍රමය බාහිර විදුළි බල පද්ධතියකිනි. එහෙත් එය කෙරෙන්නේ දුම්රිය චලනය වන විටද නැතහොත් නවතා තබා ඇති විටද යන්න ගැන සඳහන් නැත. කෙසේ වුවද පුනර්ජනනීය තිරිංග භාවිතයේ ඇති විශාල වාසියක් වන්නේ, බ්රේක් ගෙවීමක් සිදු නොවීම හෝ එය අවම වීමය. 


මෙය බොහෝ විදුළි වාහන වලට පොදුය. වෙන එකක් තබා, හයිබ්‍රිඩ් වාහන වලටද පොදු දෙයකි. ලංකාවේද, එක්තරා ප්‍රසිද්ධ වාහන ඒජන්ත කෙනෙක් කියා සිටියේ, ඒ ආයතනයෙන් සේවා සපයන හයිබ්‍රිඩ් වාහන වල ඉතා අඩුවෙන් බ්රේක් පෑඩ් සහ ඩිස්ක්ස් නැවත දමන බවය.  ලංකාවේ භාගයක් මිනිසුන් විදුළි වාහන භාවිතා කළහොත් ඒ වාහන ඒජන්තයන්ට යන එන මං නැතිවනු ඇත. 

දුම්රිය හා සම්බන්ද උදාහරණයක් ගනිමු.  ඕස්ට්‍රේලියාවේ “රෝයි හිල්” කඳු මාර්ග සඳහා, එකකට වඩා වැඩි ඩීසල් දුම්රිය එන්ජින් භාවිතා කරයි. මේ අතර කැලිෆෝනියාවේ යම් යම් කඳු ධාවන ප්‍රවාහන සඳහාද ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් භාවිතා කරන ලදී. එහෙත් මේවා ඉවත් කර, විදුළි දුම්රිය දැමීමෙන් ඉන්ධන සහ තිරිංග කොටස් කොපමණ ප්රමාණයක් ඉතිරි කර ගත හැකිදැයි සිතා බලන්න. මෙය අපගේ පරිසරයට විශාල බලපෑමක් ඇති කරයි. 


තවත් විශේෂ කරුණක් මෙහි ඇත. එනම් “බිල් ගේට්ස්” මේ දුම්රිය සමාගමේ හි විශාලතම කොටස් හිමියා වේ. ඔහු එයට දී ඇති වටිනාකම $13B හෙවත් ඩොලර් බිලියන 13 කි. ඔහුගේ මිතුරා වන වොරන් [Warren Buffett] “උතුරු බර්ලින්ටන් දුම්රිය සේවයේ” [Burlington Northern} හි හිමිකරු වේ. මේ දෙදෙනාම බොහෝ දුර දිග දකින පුද්ගලයන් ය.  


එනම් මේ බිලියනපතියන්, බොහෝ දුරට එක්සත් ජනපදය සහ කැනඩාව ආවරණය කරති. මෙයින් පෙනී යන්නේ පරිසර දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් සමහර දක්‍ෂ මිනිසුන් කෙතරම් දුර දකින්නේද සහ බැරෑරුම් සේ සිතන්නේද යන්නයි.


දැන් අප ලංකාවේ තත්වය ගැන මඳක් විමසා බලමු. 

ලංකාවේ අප දක්ෂයන් නොවන නිසා සැහැල්ලු සේ සිතන්නෙමු. පැහැදිළිවම ජීව වායු මගින් නිවසට අවශ්‍ය ගෑස් ලබා ගැනීමට හැකියාව තියෙන අතරේ, ගෑස් පෝලිමේ සිටින්නෙමු. දීප්තිමත් සූර්ය ආලෝකය අහසෙන් වැටෙන විටදී තවමත් ග්‍රිඩ් එකෙන් බලය ලබා ගනිමු. තවමත් ඩීසල් දුම්රිය භාවිතා කරන්නෙමු. විදුළි දුම්රියක් ගැන පර්යේෂණාත්මක තත්වයේ හෝ උත්සාහයක් ගැන පෙනෙන තෙක් මානයේ හෝ නැත. 

සුද්දා ජලයෙන් ක්‍රියාත්මක වන සේ නිර්මාණය කල තේ කර්මාන්ත ශාලා අපට භාරදී ඔවුන් බ්‍රිතාන්‍යයට ගියහ. පසු කල අප ඒවා ගිණි තැබුවෙමු. ඒ, හොර මගඩි යට ගැහීම සඳහා මෙන්ම දේශපාලන හේතු නිසාය. 

මුළු ආසියාවේම අඩුම සේ පරීක්‍ෂණ කෙරෙන්නේ [Research & developments] ලංකාවේ වේ. 

අප සියල්ලන් අදක්ෂයෝ වන්නෙමු. මේ රටේ භුමි දෝෂයක් ඇත.  ඊට කිසිම බාහිරව පූජාවක් වැඩ කරන්නේ නැත. දේශපාලන පක්ෂය, ජාතිය වැනි පරාමිතික නොතකා, මෙහි උපදින සියළු දෙනා අදක්ෂයන් වේ. මෙයට කල හැකි එකම එක විසඳුමක් ඇත. එනම් රට “රයිට් ඕෆ්” කිරීමය.  එනම් බැංකුවක් බංකොලොත් වූ විට එය දිය කර හැරීම වැනි වේ. නැවතත් වෙනත් රටක මිනිසුන්ට ලංකාව භාර ගැනීමට බල කල යුත්තෙමු.

විශේෂයෙන් ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය නෝර්වේ වැනි රටකට ඒ අවස්ථාව දිය යුතුය. මේ තරම් අඳුරු රටවල් ආලෝකයෙන් සහ සුළන් මගින් මෙපමණ වැඩ ගන්නවා නම්, ලංකාව සුර පුරයක් කරන්නට ඔවුන්ට මාස කීපයකට වඩා නොයනු ඇත.

No comments:

Post a Comment

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...