Wednesday, November 4, 2020

Modern World Autonomous Car

 කොහාටද යන්න ඕන එතෙන්ට ගිහින් දාන්නම් කියන Autonomous Car

=========================================
කසාදය පරක්කු නම් හොද වාහනයක් අරගෙන හිටු කියල ඉස්සර ඉදන් එන කියමනක් තියෙනවා. දැන් ඉතින් කෙල්ලො ටික වස්ත්ර කරේ තියන් ඇවිත් මේක කියවන එකත් අත්ඇරලදායි ද මන්ද. ඒත් කතාව සහතික ඇත්ත කියල බොහෝ දෙනෙක් අත්දැකීමෙන් කියන දෙයක්. ඒකට හේතුව තමයි ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝටම රථගාය තිබීම. විශේෂයෙන්ම ගැහැණු පාර්ශවයට මේක උපරිමෙන්ම තියෙනවා. අන්න ඒකයි කියන්නෙ කොල්ලන්ට ඔයාට කැමති නැති ලස්සන කෙල්ලෙක් ඉන්නවනම් try කරල ගන්න නිකං වාහනයක් නෙමෙයි Autonomous Car එකක් gift එක විදිහට ලැබෙනවා ඔයාට අකමැති වුන ගැහැණු ලමයව හැමදාටම. අන්න ඒකයි අනෙක් වාහන වලට වඩා Autonomous Car වල තිබෙන විශේෂත්වය. මං වාහන ගැන නෙමෙයි අද කතාකරන්න යන්නෙ හැබැයි Autonomous Car ගැන කතා කරන්නෙ ඒකට පරිගණක තාක්ෂණය රිංග ගත්ත හින්ද.
ඉස්සර වාහන වල බොහෝ දේවල් අපිට manual තමයි කරගන්න වුනේ. පස්සෙ පරිගණක තාක්ෂණය කම්පියුටර් එකෙන් එලියට ඇවිත් අනෙක් ඩිවයිසස් එක්ක එකට සහයෝගෙන් වැඩකරන්න පටන්ගත්තට පස්සෙ ලෝකෙ බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් ගත්ත .ඉන් එකක් තමයි car industry එක. ඉතින් ඒකෙ අග්රඵලය විදිහට අදුන්වන්න පුලුවන් අපිට Autonomous Car. Sensors භාවිතා කරමින් මිනිසාගේ අනුදැනුමකින් තොරව වාහනය විසින් වාහනය හැසිරවීම තමයි Autonomous Car එකක් කියල කියන්නෙ. හිතන්න කෙල්ලෙකුට තියෙන ලොකුම ගැටලුව තමයි වාහනයක් parking එකක park කරන එක. Autonomous Car එකක් ගත්ත නම් කිසිම අවුලක් නෑ pilot parking option එක active කරල වාහනෙන් බහින්න විතරයි තියෙන්නෙ. Night Rider කාර් එක සිහියට නගමින් ඔබ ඉදිරියේම car එක විසින් ස්වයංක්රීයව park කරගැනීම සිදුකරනු ලබනවා. ඔය මං සදහන් කලේ main feature එකක් Autonomous Car වල Audi, Volvo, BMW, Benz කියන brand තමයි Autonomous Car වල කප්පිත්තො. ඇමෙරිකාව එක්සත් ජනපදය මේ වාහන ස්වයංක්රීයව ධාවනය කල හැකි ආකරය අනුව ප්රධාන category 5 කට බෙදල තියෙනවා. ඒ තමයි No Automation, Driver Assistance, Partial Automation, Condition Automation, High Automation සහ Full Automation. වාහනයකට ස්වයංක්රීයව මිනිසාගේ අනුදැනුමකින් තොරව කරන්න පුලුවන් වැඩ ප්රමාණය සහ ඒකෙ තියෙන සංකීර්ණතාවය මත තමයි ඔය විදිහට කාණ්ඩ 5 කට බෙදල තියෙන්නෙ.

Full Automation වාහන තමයි මිල අධිකම වාහනය වෙන්නෙ ඒ වගේම මිනිසාගේ අනුදැනුමකින් තොරව විශාල කාර්යයන් ප්රමාණයක් වාහනය විසින්ම හසුරවාගැනීමේ හැකියාව තිබෙනවා. අපි බලමු කොහොමද මේ autonomous car එකක් වැඩකරන්නෙ කියලා. sensors, actuators, complex algorithms, machine learning systems කියන සංකල්ප සහ devices එකට සම්බන්ධ වෙලා තමයි අපේ විධානයක් අනුව අදාල කාර්ය වාහනය විසින් සම්පුර්ණයෙන්ම ස්වයංක්රීයව ඉටුකරල දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ. වාහනයේ විවිධ ස්ථානවල සවිකර තිබෙන sensors පද්ධතියක් මගින් භාහිර පරිසරයේ ගනු ලබන දත්ත පරිගණක පද්ධතියක් ඔස්සේ විශ්ලේෂණය කරමින් ලාබදුන් විධානයට අනුව වාහනය නිවැරදිව හසුරවාගැනීමක් තමයි මේකෙන් සරලව කිව්වොත් සිද්ධ වෙන්නෙ. Radar sensor එක මගින් අවට තිබෙන වාහනවල දුර ප්රමාණයක් පිලිබද අවබෝධයක් ලබාගන්නා අතර, video camera එක මගින් traffic light, පාරෙ තිබෙන විශේෂ සලකුණු ආදිය හදුනාගැනීම සදහා සහය වෙනවා. පාරෙ තිබෙන සුදු ඉර දෙපැත්තෙ තිබෙන සුදු ඉරි වගේ දේවල් detect කරගන්න පාරෙ කෙලවරවල්, ඒ වගෙම ඉදිරියෙන් යන හෝ පසු පසින් පැමිණෙන වාහනවල දුර ආදිය තීරණය කරගැනීමට Lidar (light detection and ranging) sensor එක භාවිතා කරනු ලබනවා. Ultrasonic sensors එක මගින් වාහන නැවැත්වීමකදී අවට තිබෙන වාහන සහ බාධක හදුනාගැනීමක් සිදුකරනු ලබනවා.
ඔය කියන sensors වලින් එන සියලුම input පරිගණක පද්ධතියට අරගෙන ඒකෙ program කරල තියෙන ආකරයට අනුව කරන්න ඕන මොකද්ද කියන එක නැවත්ත වාහනයේ ඒ ඒ කොටස් වලට සම්බන්ධ කරල තියෙන accurators වලට signal විදිහට යවන ඒක තමයි අවසානෙට කරන්නෙ. මෙන්න මේකට තමයි machine learning කියන පරිගණක තාක්ෂණය භාවිතා වෙන්නෙ. සාමාන්ය programming වලට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස් field එකක්. ලංකාවෙන් නම් මේක ගොඩක්ම අඩුවෙන් භාවිතාවන technology එකක්. Database එකකට අනුව දීල තියෙන algorithm භාවිතා කරමින් සංකීර්ණ input විශාල ප්රමාණයක් සැලකිල්ලට ගනිමින් ඒ අනුව කරන්න ඕන දේ මොකද්ද කියල තීරණය කරන එකක් තමයි machine learning කියන්නෙ. තව විදිහකට කිව්වොත් භාහිර පරිසරයේ ඇති සංවේදී දත්ත සැලකිල්ලට ගනිමින් පරිගණක පද්ධතියේ තිබෙන database එකට අනුව පාවිච්චි කරන්න ඕන algorithm මොකද්ද කියල තීරණය කරල ඒ අනුව car එකකට හෝ අදාල වෙනත් machine එකකට යවන්න ඕන output එක මොකද්ද කියල තීරණය කරන එකක තමයි machine learning වලදි වෙන්නෙ. ඉතින් autonomous car වලදි අනිවාර්යයෙන්ම machine learning තාක්ෂණය භාවිතාකරනවා වාහනය දුන් ලබන විධානයට අනුව සම්පුර්ණයෙන්ම ස්වයංක්රීයවව හසුරවාගැනීම සදහා.



Fully autonomous (Level 5) cars ඒ කියන්නෙ අපි කලින් පැහැදිලි කල එකේ පස්වෙනි කැටගරි එක මේ ලෙවල් එකේ තියෙන වහනවල sensors තාක්ෂණන් ඔස්සෙ සම්පුර්ණයෙන්ම වාහනය තමන් විසින්ම දෙනු ලබන විධානයකට අනුව පාලනය කරමින් රියදුරාට අමුතුම ආකරයේ අත්දැකීම් සමුදායක් ලබාදෙන්නට හැකිවෙලා තියෙනවා.



මේ autonomous cars වල බොහෝ වාසි පැති තිබෙනවා. ඉන් එක් ප්රධානතම වාසිය සැලසෙන්නෙ ගැහැණු උදවියට කිව්වොත් වඩාත් නිවැරදියි. වාහනයක් parking කරන්න ගියාම රෝද හරවන්න ඕන මොන පැත්තටද කොච්චර දුරකින් අනික් වාහනයේ වදින්නෙ නැතිව ගන්න ඕනද මෙන්න මේ කියන කාරණා ඔස්සෙ ගැහැණු උදවිය ගොඩාක් වෙලාවට අසරණ වෙනවා. ඉතින් එයාලගෙ හස්බන්ඩට Audi A8 වගේ වාහනයක් තියෙනවා නම් කිසිම ප්රශ්ණයක් නැතිව pilot parking option එක activate කරල අවශ්ය තැන පෙන්නල වාහනෙන් බහින්න විතරයි තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි ආබාධිත සහ වැඩිහිට් පුද්ගලයන් සදහා මේ වාහන වලින් ලැබෙන්නෙ පුදුමාකර සහයක්.විඩාවක් දැනුන වෙලාවාට adapative cruise control වගේ option හරහා traffic එකකදි පවා වාහනයට අපේ විධානයකින් තොරව සම්පුර්ණයෙන්ම අපි එලවන් යනව වගේ ස්වයංක්රීයව ගෙනියන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගෙම නිදිමතක් දැනුව වෙලාවකදි ඒ බව sensors විසින් හදුනාගනිමින් වෙන්න යන විශාල අනතුරක් වලක්වාගනිමින් autonomous cars විසින් සම්පුර්ණයෙන්ම වහනය සිය පාලනයට නතුකර ගනිමින් වාහනය නතරකරල දෙන්නත් හැකිවෙලා තියෙනවා.

ඒ වගෙම ඔබට අමතක වන බොහෝ දේවල් මතක් කර දෙමින් ඔබේ ජීවිතය වඩාත් පහසු කරල දෙන්නත් මේ autonomous cars වලට හැකිවෙලා තියෙනවා. BMW අලුත්ම series වල වාහන වල තියෙන night vision සහ facial detection තාක්ෂණය මගින් ඉදිරියෙන් එන මිනිසුන් සතුන් හෝ වෙනත් බාධක ක්ෂණිකව හදුනාගනිමින් ඒවා මගහැරීම හෝ වලක්වාදීමෙන් විශාල අනතුරු පවා මගහරවාගන්න අද වනවිට මේ autonomous cars වලට හැකිවෙලා තියෙනවා. තව අවුරුදු 10 කින් විතර වාහනයට නැගල අවශ්ය විධානයක් දීල සීට් එක පිටිපස්සට කරල හොද නින්දක් දාගෙන අවශ්ය තැනට ගියාට පස්සෙ ඔයාව කූද්දල බහින්න කියන තැනටම වාහන තාක්ෂණය දියුණු වෙලා තියේවි.

මන් මේ පහලින් දාලා තියන video එකත් බලන්නකො යාලුවනේ....👇




අපේ ගීක් බ්ලොග් එකට එකතු වෙලා ඉන්න යාලුවෝ පොඩි හරි දෑනුමක් ගන්න ති කියලා හිතෙනවා…සුබ දවසක් හෑමෝටම...!! 😀😀


No comments:

Post a Comment

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...