Friday, November 6, 2020

"අපි හම්බ කලොත් අපි කනවා"

 "අපි හම්බ කලොත් අපි කනවා"

මම කියවපු පොත් අතරින් මම ගොඩක්ම ආස කරන පොතක් තමයි Rich Dad, Poor Dad කියන්නෙ. ඒ නිසාම මම හිතුව මේක අපේ අයට තේරෙන විදියට අපේ භාෂාවෙන් සංශිප්තයක් ඉදිරිපත් කරන්න. මම හිතනව මේ අදහස් ටික රුපියලක් හරි හම්බ කරන, හම්බ කරන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා.
රොබට් කියොසාකිගේ Rich Dad, Poor Dad ප්රථම වරට ප්රකාශයට පත් කළේ 1997 දී. පසුව එය ආයෝජනය, මුදල් සහ ගෝලීය ආර්ථිකය කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් විසින් කියවිය යුතුම දෙයක් බවට පත්වුණා. මේක ටිකක් පරණ උනාට මෙහි තියෙන අදහස තව අවුරුදු සීයකට වත් නැති වෙන්නේ නෑ. ඒක තමයි ලංකාවේ ගොඩක් අයට නැති මූල්ය සාක්ෂරතාවය.
Rich Dad, Poor Dad හි ප්රධාන තේමාව තමයි පොහොසත් තාත්තෙක් තමන්ගෙ ලමයින්ට කියල දෙන නමුත් දුප්පත් තාත්තෙක් තමන්ගෙ ලමයින්ට කියල නොදෙන දේ. මේකෙ Rocket Science වගේ දෙයක් නෑ හැබැයි පොඩි කාලෙ ඉදන් අපේ මනස හදල තියෙන්නෙ "සල්ලි තමයි මිනිහෙක්ගෙ විනාසෙට මුල" වගේ දේවල් වලින්. හැබැයි පොහොසත් කෙනෙක් තමන්ගෙ ලමයින්ට කියල දෙන්නෙ සල්ලි නැතිකම තමයි මිනිහෙක්ගෙ විනාසෙට මුල කියල.


එය ධනවතුන් පොහොසතුන් ලෙසම උපත ලැබුවා යන මිථ්යාව විනාශ කරනව. ලංකාවට විතරක් නෙමෙයි මේක ලෝකෙ ගොඩක් රටවල් වලට තියන ප්රශ්නයක්. මූල්ය සාක්ශරතාව කියන එක පවතින අධ්යාපන ක්රමය තුල කුඩා ලමුන්ට කියල දෙන්නෙ නැති එක නමුත් මගේ දැනීමේ හැටියට ඉස්කෝලෙන් වෘත්තීය කුසලතා කියල දුන්නට මූල්ය කුසලතා ඇතිකරන්නෙ නෑ.
කොහොම උනත් ධනවතුන් ධනවත් වීමටත් දුප්පතුන් දුප්පත් වීමටත් හේතුව මුදල් කියන විෂය ඉස්කෝලෙදි නැතුව ගෙදරදි කියල දෙන එක. ඒක හරියට 5 වසරට ඉස්කෝලෙ ගියපු නැති දෙමවුපියො ලමයට Physics උගන්නනව වගේ වැඩක්. මොකද මුදල් නැති දෙමවුපියන්ට මුදල් ගැන කියල දෙන්න තියන දැනුම මොකක්ද?
දුප්පත් තාත්තෙක් සල්ලි එක්ක පරිස්සමෙන් වැඩ කරන්න, අවදානමක් ගන්න එපා කියද්දි පොහොසත් තාත්තෙක් කිව්වෙ අවදානම කලමණාකරනය කරන්න ඉගන ගන්න කියල,
එක්කෙනෙක් කියද්දි මේ ගේ තමයි අපිට තියන හොදම අයෝජනය කියල අනිත් කෙනා කිව්වෙ ඒක තමයි අපිට තියන වගකීම කියල.
මේ පොතේ තියන මුල්ම පාඩම තමයි, මුදල් වෙනුවෙන් වැඩ කිරීම වෙනුවට මුදල් අපි වෙනුවෙන් වැඩ කිරීම කියන එක. සරලව ගත්තොත් මේකෙන් කියන්නෙ මිනිහෙක්ට තියන වටිනාම දේවල් 2 තමයි මුදල් සහ කාලය. දැන් ඉතින් රෙද්ද උස්සගන එන්න එපා මේ ලෝකෙ තියන වටිනම දේ සල්ලි නෙමෙයි ගාගන. මේකෙ කාලය කියන දෙයින් දැන් ඔයාල මේ දෙකට අමතරව හිතන ගොඩක් ඒව cover වෙනව. ඉතිං අපි අපේ මුලු ජීවිත කාලෙම මුදල් හොයන්න පාවිච්චි කලොත් retire වෙලා තමයි ඔයාල සල්ලි වලට වඩා වටිනව කියල හිතන් ඉන්න දේවල් විදින්න වෙන්නෙ. ඒත් ඒ වෙද්දි අපේ කාලය සීමාසහිතයි. ඒ හින්ද තමයි අපේ සල්ලි අපිට තවත් සල්ලි හොයල දෙන විදියට වැඩපිලිවෙලක් හදන්න ඕනි. ඒ කියන්නෙ අයෝජනය කරන්න ඕනි. ගොඩක් මිනිස්සු කියනව අහල ඇති "අපෝ මං සල්ලි වලට ආස නෑ" හැබැයි හැමදාම වැඩට යනව.
දෙවෙනි පාඩම තමයි සල්ලි කීයක් හම්බ කරනවද කියන එක නෙමෙයි වැදගත් කීයක් තියාගන්නවද කියන එක. මේකට තමයි මූල්ය සාක්ශරතාව කියන්නෙ. මගේ ගම රත්නපුරේ නිසා මන් හොදට දැකල තියනව දුප්පත් කෙනෙක්ට ලක්ශ ගානක් වටින මැනික් ගලක් හම්බුනාට ආයෙත් අවුරුද්දකින් දෙකකින් ඒ කෙනා හිටපු තැනටම වැටෙන විදිය. වත්කමක (asset) සහ වගකීමක (liability) තියන වෙනස හරියට අදුරගන්න එක සහ වත්කම් ප්රමානය වැඩි කරගන්න එක තමයි මේ කොටසෙ තියන හරය. මේක හරිම සරලයි. තමන්ට අයිති දේවල් ටිකක් කොලයක් අරන් ලියන්න. ඊට පස්සෙ ඒවගෙන් ඔයාගෙ පොකට් එකට සල්ලි ගේන දේවල් මොනවද පොකට් එකෙන් සල්ලි යන දේවල් මොනවද කියල වෙන් කරන්න. දැන් තේරෙයි අපිට සල්ලි යන දේවල් තමයි තියන තරමක් තියෙන්නෙ කියල. දුප්පත් එකා තවත් දුප්පත් වෙන්නෙත් පෝසත් එකා තවත් පෝසත් වෙන්නෙත් මේ ගොඩවල් දෙකෙන් වැඩිපුර ලොකු මොන පැත්තද කියන එක මත.
තුන්වෙනි පාඩමෙන් කියන්නෙ තමන්ගෙ දේකුත් බලාගන්න කියන එක. ඒ කියන්නෙ ජොබ් එකක් කරන එක නවත්තන්න කියන එකම නෙමෙයි. ඒකත් කරන ගමන් වගකීම් (liabilities) වෙනුවට වත්කම් (assets) මිලදී ගන්න කියන එක.
පොතේ තියන ඔක්කොම පාඩම් ටික ලියන්න තරම් වෙලාවක් නෑ හැබැයි මුලු පොතම කියවන්න කම්මැලි කෙනෙක්ට, තියන තවත් වැදගත් දේවල් ටිකක් කියන්නම්,
දුප්පත් කෙනාට යමක් ගන්න ඕනි උනාම "මට මේක ගන්න වත්කමක් නෑ" කියල හිතනව. ඒකෙන් වෙන්නෙ අපේ මොලේ එතනින් එහාට හිතන එක නතර කරන එක. ඒත් පෝසත් කෙනෙක් හැමවෙලේම හිතන්නෙ "මම කොහොමද මේක ගන්නෙ කියල" ඒ කියන්නෙ ඒක තමන්ගෙන්ම අහන ප්රශ්නයක්. එතකොට අපේ මොලේ හිතන්න ගන්නව. එතකොට තමයි ගොඩක් අයට ඇස් වලින් දකින්න බැරි නමුත් මනසින් දකින්න පුලුවන් ගොඩක් අවස්තාවන් පේන්න ගන්නෙ.
මේ විදියට රටේ ගොඩක් මිනිස්සු හිතන්න ගත්තෙ නැත්නම්, රටක් විදියට අපේ වත්කම් වලට වඩා වගකීම් වැඩිවෙලා අපි බලාපොරොත්තුවෙන ආර්තික සංවර්ධනය කවදාවත් ලැබෙන්නෙ නෑ. මම මේකට දාපු මාතෘකාවේ තේරුම හොයන අයට කියන්නෙ දැන්වත් බයියො ටොයියො ජෙප්පො කියල එක එකාට බැන බැන ඉන්නෙ නැතුව තමන්ගෙ වත්කම් ගැන වද වෙන්න. ඒකෙන් කියන්නෙ නෑ පවතින දේශපාලන වටපිටාව රටක දියුනුවට බලපාන්නෙ නෑ කියල. නමුත් ඒක අපි හැමෝටම එකයි (දේශපාලුවොන්ට කඩේ ගිහින් ගොඩ ගිය එඋන් ඇරෙන්න).
book fair පිරෙන්න මිනිස්සු හිටියට අපේ අය වැඩිය කියවන්නෙ නෑ කියල දන්නව ඒත් මේක කියවන්නම ඕනි එකක්.
උපුටා ගැනීම
~චතුරංග බෝපැත්ත~

No comments:

Post a Comment

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...