Saturday, November 14, 2020

"ලංකාවේ කොවිඩ් පාලනය හා අනාගතය ! "


  මින්පසු? What's next? #lka #covid-19 #2020 #economy

.......................................................................................

කොවිඩ් පාලනය නොවන්න what's next ගැන කතාකර තෙරුමක් නැත. එහෙත් ලංකාව මෙන්ම ලෝකය new normal යටතේ ක්‍රමක්‍රමයෙන් වැඩ කරන්න පටන් ගෙන ඇති අතර 2021 අවසානයේ හෝ කොවිඩ් එන්නත් සමග ලෝකය යම් දුරකට හෝ කොවිඩ් පාලනය කරන බව සියලුදෙනාගේ මතය වේ. මින්පසු අපිට කුමක් වේ ද? වෙනස් වූ ජිවන චර්යාවන්, සිතුම් පැතුම්, ආර්ථිකය නැවත pre-covid තත්වයට පත් වේ ද? මෙය ලංකාවට කෙසේ බලපාන්නේ ද? 

දින කීපයකට පෙර තිබු European Central Bank Forum හිදී විශේෂ අවධානය ලක්වුයේ post-covid ලෝකය කිසිසේත් pre-covid ලෝකයට සමාන නොවන බවයි,  කොවිඩ් වලට පෙර ද තාක්ෂණයේ දියුණුවත් සමග automation තුලින් නිෂ්පාදන හා සේවා සඳහා මිල අඩු මානව ප්‍රාග්ධනයේ  අවශ්‍යතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වී ගිය ද කොවිඩ් නිසා එම අඩුවීම විශාල වශයෙන් වේගවත් වී ඇත. මෙමගින් රුනුවටම බැට කන්නේ ලංකාව වැනි ආර්ථිකයන් ය. ජනවාරි සිට ඔක්තෝබර් දක්වා merchandise export නැත්නම් අපේ වෙළඳ භාණ්ඩ අපනයනය 2019යට සාපේක්ෂව 16.41% කින් අඩු වී ඇත, ලංකාවේ විශාල ක්ශ්‍රම බලකායක් වැඩ කරන ඇඟුලුම් ක්ෂේස්ත්‍රයේ පමණක් ඩොලර් බිලියනයක USD 1 billion  ක අඩු වීමක් ඇත. එය 21.29% අඩු වීමකි. මෙය post-covid සමයේ වැඩි වේයැයි අපේක්ෂා කල ද, වෙනස් කම් නොකළහොත් තිබු මට්ටමට නොපැමිණෙනු ඇත .   


මෙයට මුණ දීමට low skill, low tech නිෂ්පාදනයෙන් ඔබ්බට high skill, high tech නිෂ්පාදනයන් කෙරෙහි අපි නැඹුරු විය යුතුය. මෙය කරන්නේ කෙසේ ද? මෙයට කෙටි, මාධ්‍ය හා  දිර්ඝ කාලින ප්‍රමොපයන් අවශ්‍යය. පාසැල් මෙන්ම විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස්  වෙමින් පැවතුනද එහි ප්‍රතිපල දක්නට අවු 10ක් වත් යනු ඇත. බොහෝ දෙනා කතා නොකරන හෙයින් මගේ අවදානය යොමු වන්නේ අවු 5ක් වන කෙටි හා මධ්‍ය කාලින ප්‍රමෝපායන්ටය. 


2020 Q2 දත්ත වලට අනුව ලංකාවේ විරැකියාව 5.4% දක්වා ඉහල අගයක් ගනී. ඔක්තෝබර් හි කොවිඩ් වල යලි පිබිදීමත් සමග එය 6% ඉක්මවනවා නොඅනුමානයි. Economically active population නැත්නම් ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනය දැනට මිලියන 8.4ක් වේ. ඉන් 72.9% ක් භාණ්ඩ හා සේවා (කෘෂිකර්මාන්තය නොවන) නිෂ්පාදනයේ නියැලේ . post covid වෙනසට මුණ දීම සඳහා මෙම ජන කොට්ටාශයෙන් සැලකිය යුතු ප්‍රමාණයකගේ කුසලතා වෙනස් කල යුතුය. මෙය re-skill, up skill ක්‍රමෝපාය වේ. උදා: හෝටලයේ වේටර් බයිසිකලෙන් කෑම බෙදාහරින්නා ලෙස කටයුතුකිරිම වාසිදායක වේ. ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් කොවිඩ් නිසා අති විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථික පද්ධතියට  මුදා හැර ඇත. එම ඩොලර්, යුරෝ යම් ප්‍රමාණයක්  මෙරට ආයෝජනය අපේ අරමුණ විය යුතුයි. ඇඳුම් මැසිමට ඇති දක්ෂ අපේ ක්ශ්‍රම බලකායෙන් කොටසක් හෝ උදාහරණයක් ලෙස silicone-based manufacturing නැත්තම් ඉලෙක්ට්‍රොනික උපාංග, සුර්ය පැනල මෙන්ම බැටරි නිෂ්පාදනය වැනි අධි තාක්ෂණික නිෂ්පාදන  සඳහා up-skill නැත්නම් කුසලතා ඔප්නැන්වීමක් සිදු කල යුතුය.  


මෙය ඊළඟ අවු 2-5 අතරතුර සිදුකල යුතුව ඇත.  මේ සඳහා තාක්ෂණික පුහුණු 
පාඨමාලා තුලින් රටේ ක්ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් re-skill, up skill කිරීමට දැඩි අවදානය යොමු විය යුතුය. අප බොහෝ දෙන කතා කරන්නේ දිර්ඝ කාලින ක්‍රමෝපායන් ගැනය. එය එලෙසම කල යුතුය, නමුත්, කොවිඩ් සමග ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී. අනාගත දරුවන්ගේ කුසලතා ඔප්නැන්වීම මෙන්ම වත්මන් ක්ශ්‍රම බලකායේ කුසලතා  ඔප්නැන්වීම ද අප කවුරුත් කතා කල යුතු මාතෘකාවකි.





ඔබේ අදහස් අපට කියන්න…  

Written by Chathusha Wijenayake ✍✍


දත්ත

1. https://www.cnbc.com/2020/11/12/here-are-the-things-that-scare-jerome-powell-the-most-about-the-economy-right-now.html

2.http://www.statistics.gov.lk/Resource/en/LabourForce/Bulletins/LFS_Q2_Bulletin_2020

3. http://bizenglish.adaderana.lk/merchandise-exports-fall-by-14-9-in-october-2020/

4. https://www.mckinsey.com/business-functions/organization/our-insights/to-emerge-stronger-from-the-covid-19-crisis-companies-should-start-reskilling-their-workforces-now

No comments:

Post a Comment

මොනවද මේ NFT කියන්නේ..

  NFT යනු දිලීර නොවන ටෝකන යන්නයි. නමුත් එය වඩා හොඳින් තේරුම් ගැනීමට, අපි පියවරෙන් පියවර කිමිදෙමු... 🏊🏊 NFT තේරුම් ගැනීමට, ඔබ blockchains ත...